මේ හමු වී තිබෙන්නේ ඇට්ලාන්ටිස් නගරය ද?

Share

Science channel නාලිකාවේ නවතම හෙලිදරවුවකට අනුව පැසිපික් සාගරය මැද පුරාණ නගරයක නටඹුන් හමුව ඇති බව වාර්තා වනවා. එසේ හමුවී ඇත්තේ පුරාවෘත්ත වල කියවෙන ඇට්ලන්ටිස් නගරය දැ යි විශ්ලේෂකයන් මත පළ කිරීමට පටන් ගෙන තිබෙනවා.

මෙහි විකාශය වූ දර්ශන වලට අනුව මෙම නගරය කලපුවක් මත නිර්මාණය කර ඇති බව පෙනී යන අතර මෙම නගරය නන් මැඩොල් (Nan Madol) නමින් හැඳින්වෙනවා.

මෙම නගරය මුහුදු කවුළු වලින් සහ මුහුදු රළ වලින් ආරක්ෂාවීමට බැමි 12කින් සමන්විත වූ නගරයක් බවට පෙනී යන බව සඳහන් වන අතර මෙය පැසිෆික් සාගරයේ වැනීසිය (Venice of the pacific) නමින් ද හඳුන්වනවා.

මෙය සොයා ගත් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ නන් මැඩොල් (Nan Madol) නගරය පුරාණ දේශපාලන බලය සහ ආගමික වශයෙන් වැදගත් නගරයක් බවයි.

කලපුව මත පිහිටි මෙම රාජධානිය ගොඩනැඟීම සඳහා අවුරුදු සිය ගණනක ශ්‍රමය යොදා තැනූ ශෛලමය කුළුණු වලින් යුක්ත නටබුන් පොම්පෙ (Phonpei) නමින් හැඳන්වෙන දූපතේ සිට නුදුරින් පිහිටි කෘතිම දූපත් අණු දෙකක් පුරා විහිද තිබෙන බව වාර්තා වනවා.

නන් මැඩොල් (Nan Madol) නගරය සව්දෙලර් (Saudeleur) නමින් හැඳින්වෙන මිනිසුන් කොට්ඨාසය 1628 වර්ෂය තෙක් ඔවුන්ගේ අගනගරය බවට භාවිතා කොට ඇති බව දැක්වෙන අතර පුරාණ ඉතිහාසයේ ඉංජිනේරු හාස්කමක් හැටියටත් දැක්වෙනවා.

ඇමරිකාවේ smithsonian විද්‍යාගාරයට අනුව මෙහි ඇති ගොඩනැගිලි සඳහා ටොන් 750,000 ක කළුගල් පර්වත යොදාගෙන ඇති බව නාවරණය වනවා.

එහි විශ්මය ජනක කරුණ නම් මෙහි ජීවත්වූ මිනිසුන් මෙය ඉදිකිරීමට නම් වසරකට ටොන් 1850 මෙහෙයවීමට හැකියාවක් තිබිය යුතු වීමයි. කෙසේ නමුත් මෙහි ජීවත් වී ඇති බවට වාර්තා වන්නේ මිනිසුන් තිස්දහසක් පමණ වන අතර ඔවුනට මෙතරම් බරක් මෙහෙයවීමට කිසිසේත්ම හැකියාවක් තිබීමට නොහැකි බවත් එම පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

වීඩියෝව නරඹන්න

Read more

Local News