Home විදෙස් පුවත් දෙවැනි ලෝක යුද ජයග්‍රහණයෙහි ඡායාරූපයේ නැවියා ජීවිතක්ෂයට

දෙවැනි ලෝක යුද ජයග්‍රහණයෙහි ඡායාරූපයේ නැවියා ජීවිතක්ෂයට

0
දෙවැනි ලෝක යුද ජයග්‍රහණයෙහි ඡායාරූපයේ නැවියා ජීවිතක්ෂයට

දෙවැනි ලෝක යුද්ධය නිමාවේ සතුට සමරමින් 1945 වසරේදී නිව්යෝක් ටයිම්ස් චතුරස්‍රයේ නාඳුනන තරුණියක සිප වැලඳ ගත් ලෝක ප්‍රකට ඡායාරූපයේ සිටි ඒ නාවික හමුදා සෙබලා අවුරුදු 95ක් ආයු වලඳා ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජෝර්ජ් මෙන්ඩෝසා එවකට සිපගත් එම තරුණිය 21 හැවිරිදි ග්‍රේටා සිමර් ෆ්‍රයිඩ්මන් ලෙස හඳුනාගෙන තිබූ අතර, ඇය 2016 දී අවුරුදු 92ක් ආයු වළඳා ජීවිතක්ෂයට පත්විය.

ලයිෆ් සඟරාව වෙනුවෙන් ඡායාරූප ශිල්පී ඇල්ෆ්‍රඩ් අයිසන්ස්ටැඩ් මෙම ඡායාරූපය ගෙන තිබුණේ ජයග්‍රාහී රැලියෙහි ඡායාරූප ගැනීමට ගිය අවස්ථාවේදීය.

සිය පියා හදිසි හෘදයා බාධයකින් ජීවිතක්ෂයට පත්වූ බව ඔහුගේ දියණිය වන ෂැරොන් මාධ්‍ය වෙත පවසා තිබුණු අතර, මියයන විට මිඩ්ල්ටවුන් හි වැඩිහිටියන් රැකබලා ගන්නා ස්ථානයක පියා සිටි බවද ඇය කියා තිබුණි.

එවකට දන්ත වෛද්‍ය ආයතනයක සහායිකාවක ලෙස කටයුතු කරමින් සිට ඇති ෆ්‍රයිඩ්මන් වර්ෂ 1960 වනතුරුම මෙම ඡායාරූපය ගැන දැන නොසිටි බව කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here