කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල සැපයුම අත්හිටුවයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (02) පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අද පස්වරු 09.00 සිට හෙට පස්වරු 03.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සදහන් කළේය.

කොළඹ 13,14 සහ 15  යන ප්‍රදේශවලට අදාල කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව කොටුව සහ පිටකොටුව යන ප්‍රදේශවලට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කළේය.

Exit mobile version