විද්‍යාත්මක ප්‍රකාශන සඳහා වූ ජනාධිපති සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාත්මක ප්‍රකාශන සඳහා වූ ජනාධිපති සම්මාන උළෙල ඊයේ (06) පස්වරුවේ කොළඹ ට්‍රාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.
වෛද්‍ය, කෘෂිකර්ම සහ ඉංජිනේරු ක්ෂේත්‍ර යටතේ 2015 වර්ෂයට අදාළ ව උසස් ප්‍රමිතියකින් යුත් විද්‍යාත්මක පර්යේෂණවල නිරත වූ ආචාර්ය මහාචාර්යවරුන් 200 දෙනෙකු මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබූහ.
2001 වසරේ ආරම්භ වූ විද්‍යාත්මක ප්‍රකාශනයන් සඳහා වූ ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවයේ 10 වන අවස්ථාව මෙය වන අතර ජාතික පර්යේෂණ සභාව විසින් එය සංවිධානය කරනු ලබයි.

Read more

Local News