රාජ්‍ය ආයතනවල දුෂණ පිළිබඳ පැමිණිලි 333ක් ලැබෙයි

Share

රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ හා වංචා සම්බන්ධයෙන් පැමිණිලි බාර ගැනීම ලබන බ්‍රහස්පතින්දා අවසන් කරන බව ඒ පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාව පවසයි.

ජනාධිපති කොමිෂන් සභාව සඳහන් කළේ, මේ වන විට පැමිණිලි 333ක් ලැබී ඇති බවයි.

මෙම ජනාධිපති කොමිෂන් සභාව විසින් පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනයවල දූෂණ ක්‍රියා, සාපරාධි විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධි පරිහරණය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව මහජන පැමිණිලි විමර්ශනයකට ලක් කිරීමට නියමිතව තිබේ.

Read more

Local News