19වන අන්තර් ජාතික සමුද්‍රීය සමුළුව අද

Share

අන්තර්ජාතික අනුබද්ධිත වරාය ජාලයේ 19වන අන්තර්ජාතික සමුද්‍රීය සමුළුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 08ක සහභාගිත්වයෙන් අද (07) කොළඹ කිංස්බර් හෝටලයේ දී පැවැත්වේ. අදින් ආරම්භ වන මෙම සමුළුව හෙට දිනයේ ද පැවැත්වේ.
වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට බංග්ලාදේශය, චීනය, ඉන්දුනීසියාව, ජපානය, දකුණු ආජන්ටිනාව, දකුණු කොරියාව, පිලිපීනය සහ ශ්‍රී ලංකාව යන රටවල වරායන්හි ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී වේ.
මෙම අන්තර්ජාතික අනුබද්ධිත වරාය ජාලයේ ප්‍රධාන අරමුණ සාමාජිකයන් අතර මිත්‍රශීලි හා එකමුතු බවේ මූලධර්ම තහවුරු කරගනිමින්, පරිසරය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ කාර්ය භාරයක් ඉටුකිරීම තුළින් සමාකාමී හා පරිසර හිතකාමී යහපත් අවකාශයක් හා එකමුතු ලොවක් ගොඩනැගීමයි.

Read more

Local News