මංගල ඉදිරිපත් කරන අයවැය මෙන්න

Share

මේ වන විට මංගල සමරවිර මහතා අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කිරිම ආරම්භ කළේය.

1950 පසුව ප්‍රාථමික ගිණුවේ අතිරික්තයක් ඇති කර ගැනීමට හැකි වුණා. ලෝක වෙළඳපොළ පාරිභෝගික භාණ්ඩ මිල ගණන් ඉහළ ගියත් අපිට 4%ක මට්ටමක තබා ගැනීමට හැකිවුණා. විදේශීය ලැබීම් ඉහළ මට්මක පවත්වාගෙන යෑමට හැකිවුණා.

2015දී අපට භාර ගැනීමට සිදු‍වුණේ පුපුරා යෑමට ආසන්න කාල බෝම්බයක්. ආනයන සඳහා අදාළ තීරු බදු හා සමාගම් බදු ක්‍රමානුකූලව ඉවත් කරනවා. සමාජ ආරක්ෂණ ජාලය හා සමාජ යටිතල පහසුකම් වෙනුවෙන් ආයෝජනය කරනවා. අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා වැඩි වශයෙන් මුදල් යොදවනවා.

ගම්පෙරළියට මිලියන 48000ක් වෙන් කර තිබෙනවා. මැතිවරණ කොට්ඨාසයක් වෙනුවෙන් වෙන් කරන ප්‍රතපාදන රුපියල් මිලියන 200 සිට 300 දක්වා වැඩි කර තිබෙනවා. ආගමික මධ්‍යස්ථාන සඳහා වෙන්කර මුදල ලක්ෂ පහේ සිට ලක්ෂ 10 දක්වා වැඩි කර තිබෙනවා.

ජාතික තරුණ සේවා සභාවේ සහතික පත් ලාභීන්ට එන්ටරප්‍රයිස් ණය යෝජනා ලබාදීමේදී ප්‍රමුඛතාව ලබාදෙනවා. මේ දක්වා රුපියල් මිලියන 60000ක් වෙන්කර තිබෙනවා. කුඩා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ලංකා බැංකුව තුළ ඒකකයක් ස්ථාපිත කිරිමට මිලියන 500ක් වෙන්කරනවා. ණය ලබාගැනීමේ ගැටලුවක් තිබෙනවා නම් 1925ට කෝල් එකක් දෙන්න.

සියලු අමාත්‍යාංශ වල ප්‍රතිපාදන සඳහා වන ප්‍රසම්පාදන වලින් 10%ක් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් වෙන් කරනවා. කුඩා ට්‍රක් රථ මත පනවා ඇති නිශ්පාදන බදු අඩුකරනවා.

උසස් තත්ත්වයේ භෝග නිශ්පාදන වැඩි කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා දිස්ත්‍රික්ක පහක ක්‍රියාත්මක කරනවා. පසු අස්වනු තාක්ෂණ  වැඩි කිරිමට කටයුතු කරනවා. දේශගුණික පාලන සැපයුම් පහසුකම් ලබාදීමට පෞද්ගලික අංශයට ආරාධනා කරනවා. පිරිසවිය ණය යෝජනා ක්‍රමය තවදුරටත් පුළුල් කරනවා.

පොල් කර්මාන්තය පිළිබඳව බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය සළකා බලමින් ලිහිල් කිරීමට කටයුතු කරනවා. පරිසර සුරක්ෂිතතාවය ආරක්ෂා කරමින් කර්මාන්තයේ වැඩි දියුණු කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදෙනවා.
කුරුඳු කර්මාන්තට විළුිධ ගැටලු ඇතිව තිබෙනවා. කුරුඳු තලන්න්ගේ හිඟය මග හරා ගැනීම සඳහා රුපියල් මිලියන 75ක් වෙන්කරනවා. යල හා මහ දෙකන්නේ වගාවන් සිදුකිරීම තහවුරු කිරීම සඳහා මොරගහකන්දේ ඇල මාර්ග ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 12000ක් වෙන්කර තිබෙනවා.

Read more

Local News