අය වැයෙන් වාහන මිල ගණන් වෙනස් වෙච්ච විදිහ මෙන්න

Share

සිලින්ඩර ධාරිතාව 800ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන ධාරිතාව මත බද්ද රුපියල් 150,000 කින් හා සිලින්ඩර ධාරිතාව 1000 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන ධාරිතාව මත බද්ද රුපියල් 175,000 කින් ද, සිලින්ඩර ධාරිතාව 1300 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන ධාරිතාව මත බද්ද රුපියල් 500,000 කින් ද වැඩි කර තිබේ.

සිලින්ඩර ධාරිතාව 800ට අඩු දෙමුහුන් පෙට්‍රල් වාහන මත නිෂ්පාදන ධාරිතාව මත බද්ද රුපියල් 250,000කින් හා සිලින්ඩර ධාරිතාව 1500 ට අඩු දෙමුහුන් පෙට්‍රල් වාහන මත නිෂ්පාදන ධාරිතාව මත බද්ද රුපියල් 500,000 කින් වැඩි කෙරේ.

මේ අතර කිලෝ වොට් 70 මෝටර් වාහන මත නිෂ්පාදන ධාරිතාව මත බද්ද රුපියල් 175,000 කිනි අඩු කර තිබේ.

සිලින්ඩර් ධාරිතාව 200 ක් වන ත්‍රීරෝද රථ මත නිෂ්පාදන ධාරිතාව මත බද්ද රුපියල් 60,000 කින් වැඩි කර තිබේ.

Read more

Local News