අයවැය දෙවන වර කියවීමේ විවාදය ආරම්භ වෙයි

2019 වර්ෂය සඳහා අයවැය දෙවන වර කියවීමේ විවාදය මීට සුළු මොහතකට පෙර ආරම්භ වෙයි.

දෙවනවර කියවිමේ විවාදය අද(06) සිට ලබන 12 වැනිදා දක්වා පැවැත්වෙන අතර එදින පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතයි.

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය මාර්තු මස 13 වන දින සිට අප්‍රේල් මස 05 වන දින දක්වා පැවැත්වෙන අතර එදිනම අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදු කෙරනු ඇත.

2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

Exit mobile version