වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට

තඹුත්තේගම, මන්ඩාගල කැළයේ ඇල පාරේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇති බවට වාර්තා වෙයි.

මෙම පුද්ගලයා ඊයේ (07) පස්වරුවේ වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව තඹුත්තේගම පොලීසිය සඳහන් කළේය.

අනතුරින් මියගොස් ඇත්තේ 51 හැවිරිදි තලාව නවගඟ සිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

Exit mobile version