විදේශ ටෙලිනාට්‍ය බද්ද වැඩි කරයි

Share

චිත්‍රපට හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට අදාළ සංවිධාන හා නිර්මාණකරුවන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත කරන ලද ඉල්ලීමට අනුව, ශ්‍රී ලංකාවට ආනයනය කර හඬකවා දේශීය වශයෙන් ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා අයකරනු ලබන බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩිකර තිබේ.

හඬකවන ලද විදේශ ටෙලිනාට්‍ය සඳහා අයකරනු ලබන ගාස්තුව රු. 90,000 සිට රු. 150,000 දක්වා වැඩි කෙරේ.

මෙරට විකාශනය කරනු ලබන අැතැම් විදේශ ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් ශ්‍රී ලාංකීය සම්ප්‍රදාය, අනන්‍යතාවය හා අාචාර ධර්ම වලට පටහැනිවන අවස්ථා නිරීක්ෂණය වන බැවින් ශ්‍රී ලංකාව් සංස්කෘතියට මෙන්ම කලා ක්ෂේත්‍රයට ද සිදුවන්නා වු හානි අවම කිරීමට පියවර ගන්නැයි කලා ක්ෂේත්‍රයේ පුද්ගලයන් විසින් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා අැත.

එම නව ගැසට් නිවේදනය පහතින්,

Read more

Local News