ගුරු සහ විදුහල්පතිවරුන් අද(13) දින අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
වැටුප් විෂමතා ඇතුළු ගුරු විදුහල්පතිවරුන් මුහුණ දෙන ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වෙයි.
මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද දිනයේ දී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වීමට ඒකාබද්ධ ගුරු සේවා සංගමය තීරණය කර ඇති බවට වාර්තා වෙයි.
ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම, කොළ පිරවිල්ල නැවත්වීම හා අධ්‍යාපනයට සියයට 6ක් වෙන් කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව එම සංගමය පවසයි.
මේ අතර, උද්ඝෝෂණ රැළිය අද පෙ.ව 10 ට කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්වීමට කටයුතු යොදා ඇත.