අපේ අනාගත පරපුරට සතුටෙන් සාමයෙන් ජීවත්විය හැකි අපේම ව්‍යවස්ථාවක් – රවී කරුණානායක මහතා

Share

පාර්ලිමේන්තුව විසින් පත්කරන ලද ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව පිළිබඳ විවාදයට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසුවේ රටේ ප්‍රගතියට බාධා වෙනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනස් කිරීමේ අයිතිය ජනතාවට තිබෙන බවයි.

අපේ අනාගත පරපුරට සතුටෙන් සාමයෙන් ජීවත්විය හැකි අපේම ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් කතා කරන මේ මොහොතේ අඳහස් දැක්වීමට හැකි වීම ගැන සතුටුයි.

වත්මන් ව්‍යවස්ථාවට පැහැදිලි වෙනසක් කළ යුතුයි. අපේ රට පාලනය කරන ආකාරය, මේ පිළිබඳ විවාදය සමාජයේ කතා කළා. අතිපූජ්‍ය මාඳුළුවාවේ සොභිත හිමියන් දුන් කැපවීම අප අගය කළ යුතුයි. විවිධ ලෙස අප භේද වෙලා. තිස් වසරක යුද්ධයෙන් අප බැට කෑවා. අන්තවාදීන් පිරිසක් නිසා සාමය උදා කරගන්න නොහැකි වී තිබෙනවා.

පසුගිය වසර 70 වැඩි කාලයක් ගෙවී ගියේ කණගාටුදායක පරිසරයක් තුළයි. රෝගී වූ සමාජය සුවපත් කරන්න අවශ්‍යයි. ඒ සාධණීය පියවර ගත යුතුයි. අපට මේ ඛේදවාචකය අනාගත පරපුරට නොදෙන්න අලුතින් සිතන්න ඕන. මේ රටේ සැමට එකම ලෙස සළකන නව යුගයක් සමාජයක් නිර්මාණය කරනත් අවශ්‍යයි. ශ්‍රී ලාංකික ජාතියක් අප නිර්මාණය කළ යුතුයි. ජනතාවට අවශ්‍යවෙන්නේ සංවර්ධනයක්. නමුත් වෙනසට කැමැති නෑ. සිහිනය යථාර්ථයක් කළ යුතුයි. රටේ ප්‍රගතියට බාධා වෙනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනස් කිරීමේ අයිතිය ජනතාවට තිබෙනවා. මෙය තමයි ප්‍රජාතන්ත්‍රවාදී රටවල ක්‍රමය යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.

Read more

Local News