හෝමාගම ජෛව ස්කන්ධ ඉන්ධන සැකසුම් හා හුවමාරු මධ්‍යස්ථනය විවෘත කිරීමේ උත්සවය අජිත් පී.පෙරේරා මහතාගේ ප්‍රධනත්වයෙන් අද

විදුලි බල අමාත්‍යාංශය පැවසුවේ හෝමාගම ජෛව ස්කන්ධ ඉන්ධන සැකසුම් හා හුවමාරු මධ්‍යස්ථනය විවෘත කිරීමේ උත්සවය අද(08) ප.ව.4.30ට හෝමාගම,නියඳගල දී විදුලි බල හ පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතාගේ ප්‍රධනත්වයෙන් සිදු කිරීමට නියමිත බවයි.

පුනර්ජනනීය බලශක්ති සංවර්ධන වැඩසටහන යටතේ කර්මාන්ත තාප බල සම්පාදනය සඳහා දැව ඉන්ධන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා ජීව ඉන්ධන විභවය සහ ජීව ඉන්ධන ඉල්ලුම පදනම් කරගනිමින්  ශ්‍රී ලංකාව පුරා ජෛව ස්කන්ධ ඉන්ධන සැකසුම් හා හුවමාරු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට පියවර ගැනේ.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය අනුග්‍රහයෙන් ගෝලීය පාරිසරික පහසුකම් අරමුදලේ ප්‍රතිපාදන යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

Previous articleඅපේ අනාගත පරපුරට සතුටෙන් සාමයෙන් ජීවත්විය හැකි අපේම ව්‍යවස්ථාවක් – රවී කරුණානායක මහතා
Next articleපියසේන ගමගේ මහතා අද දිවුරුම් දීමට නියමිතයි