කැබිනට් මණ්ඩලය විසින් ගනු ලබන තීරණ දැනුම් දිම සඳහා බදාදා දිනයන්හි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පවත්වන මාධ්‍ය හමුව අද (08) බොහෝ වේලාවක් ප්‍රමාද විය. විනාඩි 45ක් පමණ ඔවුහු මාධ්‍ය හමුව පැවැත්වෙන ස්ථානයට නොපැමිණියහ.
කැබිනට් මාධ්‍ය හමුව සඳහා ප්‍රකාශකයන් තිදෙනෙක් එක් වෙයි. ඒ අමාත්‍යවරුන්වන දයාසිරි ජයසේකර, රාජිත සේනාරත්න සහ ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ය.