මත්පැන් සමඟ චීන ජාතික කතක් අත්අඩංගුවට

කොල්ලුපිටිය පොලිස් වසමේ ගාලුපාර ග්ලේන් හාබර් ප්‍රදේශයේ නිවසක් තුළ තිබී නීති විරෝධී මත්පැන් ලීටර් 218ක් සමඟ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (15) දිනයේ මෙම වැටලීම සිදු කර ඇත.

තවද මෙම කාන්තාව වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රුඳී සිටින අයෙකු බවටද අනාවරණය වී ඇත.

අත්අඩංගුවට පත් සැකකාරිය වයස අවුරුදු 31ක් වූ චීන ජාතික කාන්තාවකි.

සැකකාරිය අද(16) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොල්ලුපිටිය පොලීසිය විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

Exit mobile version