සයිටම් ගැටළුව පිළිබඳ විශේෂ ප්‍රකාශයක්

Share

සයිටම් ගැටළුව පිළිබඳ විශේෂ ප්‍රකාශයක් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී  සිදු කළේ ය.

සයිටම් සම්බන්ධව ජනාධිපතිතුමා නිවේදනයක් නිකුත් කර තිබෙනවා, ඒ සඳහා ගත යුතු පියවර මොනවද කියලා. මේ පිළිබඳව බොහෝ පාර්ශව මඟින් ධනාත්මක ලෙස ප්‍රතිචාර ලැබී තිබෙනවා. දෙමව්පියන් කීපදෙනෙක් මේ අවස්ථාවේ උපවාසයක යෙදී සිටිනවා. සයිටම් ප්‍රශ්නය පිළිබඳව කරන උපවාසය නවත්වලා නැවතත් සාකච්ඡා මාර්ගයට පැමිණෙයි කියලා විශ්වාස කරනවා. අද අප සාකච්ඡා කරලා තීරණ කීපයකට එළඹුනා.

නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතියත් මේ සඳහා ලබාගත්තා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මින් අනතුරුව දෙමව්පියන් උපවාසය නවතා සාකච්ඡාවට පමිණෙයි කියා විශ්වාස කරනවා. දරුවන් යළි අධ්‍යාපනයට එයි කියලා විශ්වාස කරනවා.

සයිටම් ආයතනයේ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් රජය විසින් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව 2017 ඔක්තෝම්බර් 29 දින නිකුත් කරන ලද නිවේදනයේ අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා නොව්වැම්බර් 06 දින පත් කළ කමිටුවේ, ආචාර්ය හර්ෂද සිල්වා සහ රජය, වෛද්‍ය පීඨ දෙමව්පිය සංගමයේ දෙමව්පියන් සමඟ පැවැති සාකච්ඡාවේදී පහත සඳහන් තීරණවලට එකඟතාවය පළ කරන ලඳී.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කළ 2017 සැප්තැම්බර් මස 15 දින ලිපියෙන් සයිටම් ආයතනයට අලුතින් වෛද්‍ය සිසුන් බඳව ගැනීම අත් හිටුවා ඇත. මෙම අත් හිටුවීම දිගටම ක්‍රියාත්මක වනු ඇත. එසේ හෙයින් සයිටම් ආයතනය සඳහ කිසිදු අයුරකින් වෛද්‍ය සිසුන් බඳවා ගනු නොලැබේ. ඒ සමඟ සයිටම් ආයතනය අහෝසි කිරීමට ක්‍රියා කරනු ඇත.

ඉහත සඳහන් සියලු ක්‍රියාපිළිවෙත් 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ ප්‍රතිපාදන අනුව සහ අනෙකුත් නීති අනුව සිදු කෙරෙනු ඇත.

අප බලාපොරොත්තු වෙනවා සාකච්ඡා කරලා, සියලු පාර්ශව සමඟ සාක්ච්ඡා කරලා,  පීඨාධිපතිවරුන් සමඟ සාක්ච්ඡා කරලා, දෙමව්පියන් වෛද්‍ය සභාව සමඟ සාක්ච්ඡා කරලා,  සයිටම් ආයතනය සමඟ සාක්ච්ඡා කරලා,  ගත් මෙම තීරණයට, රජය  බොහෝ වෙහෙසුනා. රජය හැටියට ඉල්ලීමක් කරනවා, එකඟතාවයට අනුව, නිවේදනයට අනුව, ඉදිරියට යන්න. දෙසැම්බර් මස 31 පෙර වැඩකටයුතු අවසන් කරන්න ක්‍රියා කරන්න යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශය කරමින් කියා සිටියේ ය.

Read more

Local News