සෝභිත නාහිමි වෙනුවෙන් දෙවර්ෂ පූර්ණ පිං පැමිණවීම

Share

මාදුළුවාවේ සෝභිත නාහිමි වෙනුවෙන් දෙවර්ෂ පූර්ණ පිං පැමිණවීම උදෙසා කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් විසින් පිරිනමන ලද සංඝගත දක්ෂිණාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි විය.

සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් සහ මාදුළුවාවේ සෝභිත නාහිමි ගුණානුස්මරණ පදනමේ සාමාජිකයන් ද මේ සදහා එක්ව සිටියහ.

සෝභිත නාහිමියන් ජාතියෙන් සමුගෙන දෙවසරක් පිරෙන මේ මොහොතේ උන්වහන්සේ පිලිබද ශ්‍රේෂ්ඨ මතකය අනාගත පරපුරේ ද සිහිවටනයක් බවට පත් කිරීම වෙනුවෙන් ඉදිවන ස්මාරකයට මුල්ගල තැබෙන අවස්ථාවට පැමිණි කෘතවේදී මිනිසුන් වූ ඔබ සැම අද සුවිශේෂී ජාතික යුතුකමක කොටස්කරුවන් වෙනවා. මේ අවස්ථාවට එක්වන ඔබ සැමට මා හිස නමා ආචාර කරනවා.

මෙම ස්මාරකය පාර්ලිමේන්තුවට නිතිපතා ඇතුල්වන මන්ත්‍රීවරුන්ට යුක්තිය සාධාරණය පිරි සමාජයක් වෙනුවෙන් කැපවීමේ වගකීම සිහි ගන්වනු ඇත. එමෙන්ම එය මුළුමහත් ජාතියටම යහපාලන මුල ධර්මයන් සිහිපත් කර දෙන ශ්‍රේෂ්ඨ ස්මාරකයක් බවට පත් වනු ඇත. දෙවසරක් ගෙවී ගියද උන්වහන්සේගේ මහා ප්‍රතාපවත් රුව, ස්ථිරසාර හඬ, තියුණු වාග්මාලාව තවමත් අප හදවත තුල ජීවමානව සිටිනවා.

ඒ උතුම් මතකය සමග උන්වහන්සේ තුල තිබූ නිර්මල අරමුණ උන්වහන්සේ පැතූ සමාජය යථාර්ථයක් බවට පත් කර ගැනීමේ වගකීම අප උරමත තිබෙන බවත්, සිහි කළ යුතුයි. අද අපි පියවරෙන් පියවර ඒ සඳහා ඉදිරියට යමින් තිබෙනවා.

නමුත්, සෑම වසරකම සෝභිත හිමියන් සමරන මොහොතේ අප එම ගමනේ කොපමණ ඉදිරියට පැමිණ තිබෙනවා ද අපට වැරදුන තැන් මොනවා ද කියලා ආපසු හැරී බලන්න පුළුවන්. අඩුපාඩු හදාගන්න පුළුවන් වේවි.මාදුළුවාවේ සෝභිත නාහිමියන් සමග සමීපව ඇසුරු කරන්නට ලැබීම නිතර උන්වහන්සේගේ අවවාද අනුශාසනා ලැබීමට හැකිවීම ජීවිතයේ ලද අතිමහත් භාග්‍යයක් ලෙස මම කල්පනා කරනවා.

ඒ සියල්ලටමත් වඩා මට උන්වහන්සේ තුල තැබූ මානව දයාව කරුණාව දැනුනු තැනක් හැටියට උන්වහන්සේ විසින් ගොඩනැගුණු විලච්චිය ඇලපත්ගම ගම්මානය හැදින්විය හැකියි. උන්වහන්සේ වෙනුවෙන් එහි ජනතාවට පිළිසරණක් වන්නට අත්වැල් බැඳගත් සියළුම දෙනා ගෞරවයෙන් සිහි කිරීම මේ මොහොතේ මාගේ වගකීමක්.

කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන් වෙනුවෙන් පැවැති දෙවන ගුණසමරු උත්සවයට සහභාගී වෙමිනි.

Read more

Local News