සමාජ මාධ්‍ය ජාලා වෙත සීමාවන් පැනවීමට ජාත්‍යන්තරයේ අවධානය

Share

සමාජ මාධ්‍ය ජාලා වෙත සීමාවන් පැනවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ අවධානය යොමු විය යුතු බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසයි.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර සිදුවු ත්‍රස්ත ප්‍රහාරය සැලකිල්ලට ගනිමින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇති අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජී.20 සමුළුවේදී රාජ්‍ය නායකයින් මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ඔහු සදහන් කර ඇත.

පසුගිය සිකුරාදා ක්‍රයිස්චර්ච් නුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය අදාල සැකකරු විසින් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සජීවීව විකාශය කර තිබු අතර එය අවහිර කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ ෆේස්බුක් ඇතුළු සමාජජාල වෙබ් අඩවි වෙත චෝදනා එල්ල වී තිබේ.

Read more

Local News