නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන අදියරේ සිදුව තිබූ කාර්මික දෝෂය අද (20) අළුයම වන විට සම්පුර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව ලක්විජය බලාගාරයේ බලස්ථාන කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පවසා ඇත.
නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍ර පරිපථවල බිඳ වැටීමක් හේතුවෙන් 18 වනදා දහවල් වන විට රට පුරා විදුලිය සැපයුම විටින් විට නැවතී තිබුණි.
කෙසේ වෙතත් දෙවන ජනන යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීමට දේශීය විදුලි ඉංජීනේරුවන් 18 වන දින සිට අද (20) අළුයම දක්වා දැවැන්ත කාර්යයක නිරත වී තිබේ.
අද (20) දහවල් වන විට රට පුරා විදුලිය කපා හැරීමකින් තොරව යළි සැපයීමට හැකිව ඇති බවද ඔහු විසින් ප්‍රකාශ කර ඇත.



