නව ජාතික වැටුප් හා සේවා කොමිෂන් සභාවක් ස්ථාපිතයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව ජාතික වැටුප් හා සේවා කොමිෂන් සභාවක් ස්ථාපිත කර ඇත.

අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ලබන 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම කොමිෂන් සභාව ස්ථාපිත කර බව වාර්තා වෙයි.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට යෝග්‍ය ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස්කර ක්‍රියාත්මක කිරීම එම කොමිෂන් සභාවේ කාර්යය වෙයි.

අදාල අති විශේෂ ගැසට් නිවේදයට අනුව මීට ඉහතදී ජනාධිපතිවරයා විසින් පිහිටුවනු ලැබූ ජාතික වැටුප් සහ සේවා සංඛ්‍යා කොමිෂන් සභාවේ කාලය මේ මස 24 වනදායින් අහෝසි වනු ඇත.

නව ජාතික වැටුප් හා සේවා කොමිෂන් සභාව සඳහා එස්. රනුග්ගේ මහතාගේ සභාපතීත්වයෙන් යුතුව සාමාජිකයින් 12 දෙනෙකු පත්කර ඇත.

සී.පී සිරිවර්ධන, දමිතා ද සොයිසා, ලලිත් කන්නන්ගර, ජනක සුගතදාස,විත්‍රාංගනී  වාගීස්වර, චන්ද්‍රානි සේනාරත්න, කිංස්ලි ප්‍රනාන්දු ජි.එස්. එදිරිසිංහ, එම්.සී වික්‍රමසේකර, වෙද්‍ය පාලිත අබේකෝන්, ඩී. ආබේසූරිය සහ ලෙස්ලි ෂෙල්ටන් දේවේන්ද්‍ර යන මහත්ම මහත්මීන් එම කොමිෂමේ සෙසු සාමාජිකයින් වෙයි.

Exit mobile version