මාඳුරුඔය ජලාශයට පාවෙන සූර්ය බලාගාරයක්

මාඳුරුඔය ජලාශයේ පාවෙන මෙගා වොට් 100 ක සූර්ය බලාගාරයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

මේ සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඒකාබද්ධ ව්‍යාපාතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබිණි.

මෙම ව්‍යපෘතිය සූර්ය පැනල හා විදුලිය ගබඩා කළ හැකි විද්‍යුත් කෝෂ යොදා ගෙන සූර්ය බලශක්තිය ගබඩා කරන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට කැනඩා රජය විසින් කර ඇති යෝජනාව අනුව යෝජිත ව්‍යාපෘතිය සඳහා කැනේඩියන් සෝලර් ආයතනය සමඟ ඒකාබද්ධ හවුල් ව්‍යාපාරයක් ස්ථාපිත කිරීමටත් ඒ පිළිබඳ සාකච්ඡා කටයුතු සිදු කිරීම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් පත් කිරීමටත් අනුමැතිය හිමිව තිබේ.

Exit mobile version