වැලිකඩ ගණිකා නිවාසයක් වටලයි

වැලිකඩ පොලිස් වසමේ, අංක 861/2 කෝට්ටේ පාර, ඇතුල්කෝට්ට රාජගිරිය ලිපිනයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ඇති බවට වාර්තා වෙයි.

ඊයේ(22) රාත්‍රියේ වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී ගණිකා නිවාසයක් කළමණාකරනය කිරීම සම්බන්ධව සැකකාරියක් සහ ගණිකා වෘත්තියේ යෙදීමේ අරමුණින් එහි රැඳී සිටි සැකකාරියන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරියන් වයස අවුරුදු 28, 25, 28, 29, 32, සහ 48 යන වයස් වල පසුවන අය වෙයි.

ඔවුන් අද(23) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැලිකඩ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු විසින් සිදුකරනු ලබයි.

Exit mobile version