මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි – ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් පසුවන්න

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයකින් පවසන්නේ දිවයිනට උතුරු හා ඊශාන දෙසින් පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවයි.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි අැතිවන බවත් තාවකාලීක තද සුළං ද බලාපොරොත්තු විය හැකි බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැකිවෙයි.

මේ පිළිබදව අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටීයි.

Previous articleපියසේන ගමගේ මහතා දිවුරුම් දෙයි
Next articleදේශීය ව්‍යාපාරිකයන්ට අප විසින් විශාල වශයෙන් බදු සහන ලබාදී තිබෙනවා