ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදා ආරක්ෂක සහයෝගිතා අධ්‍යක්ෂක නාවික හමුදාධිපති හමුවේ

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ආරක්ෂක සහයෝගිතා අධ්‍යක්ෂක, කපිතාන් ෆ්‍රෑන්ක් ලින්කෝස් මහතා ඊයේ (9) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

එහිදී, කපිතාන් ලින්කෝස් මහතා විසින් ශ්‍රී ලංකා‍ නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපති වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් රණසිංහ මහතා වෙත සුභ පැතුම් එක් කළ අතර, ඉන් අනතුරුව ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද කතාබහක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

Previous articleඅගාධයකට යමින් තිබූ රටේ දිශානතිය වෙනස් කිරීමට රජය කටයුතු කළා – හර්ෂ ද සිල්වා මහතා
Next articleසිවිල් ආරක්ෂක භටයින් 5000ක් පොලිස් සේවයට