දිමුත් කරුණාරත්න අත්අඩංගුවට

බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට ගෙන තිබේ.

අද (31) අලුයම 5.15ට පමණ බොරැල්ල කිංසි හෝර්ටන් හංදිය ප්‍රදේශයේදී ඔහු පැදවු වු මෝටර් රථය ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

අනතුරෙන් ත්‍රිරෝද රථ රියදුරු තුවලා ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ දිමුත් කරුණාරත්න බීමත්ව සිට ඇති බවට අනාවරණය වීමත් සමඟ බොරැල්ල පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version