දේශපාලනික පළිගැනීම් සඳහා ගනු ලබන තීන්දු මිස රටේ සංවර්ධනය පිණිස තීන්දු ගැනීමට වත්මන් ආණ්ඩුවට නොහැකි වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.
අද පවතින්නේ අස්ථාවර ආණ්ඩුවක් බවත්, ඒ හේතුව මත රටේ සංවර්ධනය වෙනුවෙන් කිසිදු තීරණයක් ගැනීමට රජය අපහසු වි ඇති බවත් ඒ මහතා සඳහන් කර සිටියි.
මාළිගාවත්තා කාල්ටන් පෙර පාසලේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.