ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බර මින් ඉදිරියට රජය දැරීමට සූදානම් නැහැ

Share

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බර මින් ඉදිරියට රජය දැරීමට සූදානම් නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (10) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් පැවසී ය.

මෙහිදී අඳහස් දැක් වූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජේෂඨ උපදේශක මනෝ තිත්තවැල්ල මහතා අඳහස් දක්වමින් සඳහන් කළේ, ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කරනවා ඉතාම කඩිනමින් ඉදිරි මාස තුන තුළ. රජයට බරක් නොවන ලෙස තබාගැනීමට සැලසුම් කරනවා. රජය බර දරාගන්න බැ. ඒ සඳහා උපදෙශකවරු පත් කෙරෙනවා. මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය විසින් අවසන් තීරණය ගනු ඇතැයි ද මනෝ තිත්තවැල්ල මහතා පැවසී ය.

Read more

Local News