ශ්‍රීලනිපයේ නිහඬ බව එජාපයට වක්‍රව සහය පල කිරිමක්ද ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම වක්‍රාරයෙන් එක්සත් ජාතික පක්ෂයට සහය පල කිරීමක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.

ඔහු පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයේ දී ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි.

එසේම ජනාධිපතිවරයා ඇතුළු සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර, ඉදිරි ජනාධිපතිවරණය සඳහා දිනන අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.

කුරුණෑගල ප්‍රදේශයේ දී උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.

Exit mobile version