ගෝලීය සෞඛ්‍ය සමුළුව අබුඩාබියේ දී අනිද්දා

Share

බිල් ගේට්ස් පදනම, කාටර් මධ්‍යස්ථානය සහ අබුඩාබ් ඔටුන්න හිමි කුමාරයා එක්ව සංවිධානය කරන ගෝලීය සෞඛ්‍ය සමුළුව අබුඩාබියේ ගෝලීය වෙළෙද මධ්‍යස්ථානයේ දී අනිද්දා (15) ආරම්භවීමට නියමිතය.

“බෝවන රෝග තුරන් කිරිම සදහා සියලු දෙනා එක්වීම” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවට ගෝලීය සෞඛ්‍ය නායකයින් 200කට අධික පිරිසක් සහභාගිවීමට නියමිතය.

එම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඇතුලු වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් සහභාගි වන අතර එම පිරිස හෙට (14) දිවයිනෙන් පිටත්ව යති.

මෙම සමුළුවේ දී ශ්‍රී ලංකාවට විශේෂ තැනක් හිමි වී ඇති අතර මැලේරියාව තුරන් කිරිම පිළිබඳව පැවැත්වෙන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව 2016 වර්ෂය වනවිට මැලේරියාව තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සහතිකය ලබාගැනීම, රජයේ කැපවීම, මැලේරියාව තුරන් කිරීමෙන් ලැබූ ප්‍රතිඵල, ජනතාවගේ මැදිහත්වීම සහ සෞඛ්‍ය අධ්‍යාපනය යන කරුණු කෙරෙහි දැඩි අවධානය යොමු කිරීමට නියමිතය.

එම සැසිවාරය සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා, ඇතුලු සෞඛ්‍ය බලධාරීන් 05 දෙනෙකු සහ තවත් ප්‍රධාන කථිකයන් 12 දෙනෙකු කරුණු දැක්වීමට නියමිතව ඇත.

Read more

Local News