ගින්නට හසුවු ගුරුවරිය මරුට

යක්කල, පිටුවගොඩ 5වෙනි පටුමඟෙහි පිහිටි නිවසක් ඊයේ(08) රාත්‍රීයේ මුළුමනින් ගිනි ගෙන විනාශ වී ඇති බවට වාර්තා වෙයි.

එම නිවස තුළ සිටි කාන්තාවක්ද ගින්නට හසුවී ජිවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ගින්නෙන් මිය ගොස් ඇත්තේ 78 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියෙකි.

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

යක්කල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version