කසකස්තාන ජනාධිපතිවරණය ජූනි 09 වැනිදා

කසකස්තාන ජනාධිපතිවරණය එළඹෙන ජූනි මස 09 වැනිදා පැවැත්වීමට එරට අන්තර්වාර ජනාධිපතිවරයා තීරණය කර ඇති බවට වාර්තා වෙයි.

කෙසේ වෙතත් හදිසි මැතිවරණයක් කැඳවීම හේතුවෙන් ඊට සූදානම් වීමට තමන්ට ප්‍රමාණවත් කාලයක් හිමිවී නැති බව ප්‍රතිවාදී අපේක්ෂකයන් චෝදනා කර සිටියි.

කසකස්තාන ජනාධිපතිවරණය නියමිත කාලයට පෙර පැවැත්වීමට තමන් සූදානම් බව කසකස්තානයේ අන්තර්වාර රජයේ ජනාධිපති කසීම් ජොමාර්ත් ටොකායෙව් නිවේදනය කළේය.

කෙසේ නමුත් ජනාධිපතිවරණය ඉතාමත් කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් එරට විපක්ෂය දැඩි සේ විරෝධය පළකර ඇති බවත් සඳහන් වෙයි.

Exit mobile version