රත්නපුර ආපදාවලට ලක්වන ප්‍රදේශ සඳහා ජංගම ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන

රත්නපුර දිස්ත්‍රික්කයේ නිරන්තරයෙන් ආපදාලට ලක්වන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ජංගම ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන  ඉදිකිරීමේ ව්‍යාපෘතියක් කැනඩා රජය මගින් ක්‍රියාත්මක කර ඇතැයි සබරගමුව පළාත් සභාව සඳහන් කරයි.
එම ව්‍යාපෘතිය යටතේ රත්නපුර, ඇලපාත, පළාවෙල ස්ථාපිත කළ නව ජංගම ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය පසුගියදා ජනතා අයිතියට පවරනු ලැබීය.
ගංවතුර සහ නායයාම් බහුල ප්‍රදේශවල ස්ථාපිත කරනු ලබන මෙම සෞඛ්‍ය මධ්‍යස්ථාන තුළ ළමා හා මාතෘ ඇතුළු සායන රැසක් ක්‍රියාත්මක වේ.
Exit mobile version