ගුවන් යානයක් නවතා තිබූ හෙලිකොප්ටරයක ගැටී 3ක් ජිවිතක්ෂයට

Share

නේපාලයේ ගුවන් තොටුපලකදී කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් නවතා තිබූ හෙලිකොප්ටර් යානයක ගැටී අනතුරට පත්ව තිබේ.

අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

නේපාලයේ එවරස්ට් කඳුකර කලාපයේ පිහිටා තිබෙන එකම ගුවන් තොටුපළින් ගුවන්ගත කිරීමට සූදානම් වූ කුඩා ප්‍රමාණයේ මගී ප්‍රවාහන ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව තිබේ.

අදාළ යානය ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස් හෙලිකොප්ටර් යානයේ ගැටී ඇති බවයි වාර්තා වෙයි.

අනතුරට පත් යානා දෙකම පෞද්ගලික ගුවන් සමාගම් වලට අයත් ඒවා බව සඳහන්ය.

සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් සිව් දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇතැයිද විදෙස් වාර්තාවල දැක්වෙයි.

අනතුරින් මියගොස් සිටින්නේ ගුවන් යානයේ නියමුවා සහ හෙලිකොප්ටර් යානය අසල රැඳී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකි.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.

Read more

Local News