වසලයා සහ බ්‍රාහ්මණයා කවුද ?

Share

වසලයා සහ බ්‍රාහ්මණයා කවුදැයි ඉදිරි කාලය තුළදී ජනතාවට තීරණය කිරිමට හැකි වනු ඇතැයි නිවාස,ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ‍ප්‍රේමදාස මහතා පවසයි.

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජිත නිවාස 75ක් සහිත උදාගම්මාන 3ක් සදහා මුල් ගල තැබිම ඊයේ සිදුකෙරුණි.

ඒ නිවාස,ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ‍ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදි ප්‍රදේශයේ බක්මහ උළෙල 8ක් පැවැත්වීම සදහා රුපියල් ලක්ෂ 2 ක පුද්ගලික ධන පරිත්‍යාගයක්ද අමාත්‍යවරයා විසින් සිදුකරනු ලැබීය.

Read more

Local News