එජාපයේ ජනපති අපේක්ෂකයා තීරණය කරන්නේ කවුද ?

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තීරණය කරනුයේ පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසා සිටියි.

මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඕනෑම පක්ෂයක් තුළ මතවාද පවතින බවය.

බියගම ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුවන් විජේවර්ධන අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

Exit mobile version