වතුකරයේ මැයි දින පෙළපාලිය අවලංගුයි

වතුකරයේ පැවැත්වීමට සුදානම් කර තිබු ප්‍රධාන මැයි දින පෙළපාලිය සහ රැළි දෙකක් අවලංගු කිරීමට එම පක්ෂ නායකයන් තිරණය කර තිබේ.

ඊයේ (21) දිනයේ දිවයිනේ සිදු වු පිපිරිම් කිහිපයක් හේතුවෙන් මිය ගිය අයට ගරු කිරීමක් වශයෙන් මැයි දින රැළිය අවලංගු කිරිමට කටයුතු කර ඇත.

කම්කරු ජාතික පෙරමුණ සහ ජාතික කම්කරු සංගමය සහ දමිළ ප්‍රගතශලී සන්ධානය සමඟ එක් වී මෙවර මැයි දින පෙළපාලිය සහ රැළිය මැයි පළවනදා තලවකැලේ නගර සභා ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට සුදානම් කර තිබුණි.

නමුත් ඊයේ දිනයේ සිදුවු පිපිරීම් හේතුවෙන් මැයි දින රැළිය අවලංගු කිරීමට කටයුතු කළ බව අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පැවසීය.

Exit mobile version