ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය පුද්ගලයින්ගේ සිරුරු හඳුනා ගැනීම සඳහා මේ වන විට මිය ගිය පුද්ගලයින්ගේ ඥාතීන් කොළඹ ජාතික රෝහල වෙත පැමිණේමින් සිටියි.
එම පුද්ගලයින් අතර කොළඹ අවට හෝටල්වල සිදු වූ පිපිරීම් වලින් මිය ගිය විදේශිකයින්ගේ සිරුරු හඳුනාගැනීම සඳහා පැමිණි විදේශිකයින්ද පැම්න තිබේ.
එමෙන්ම එම සිදුවීමෙන් අතුරුදන් වූවන්ගේ ඥාතීන්ද පැමිණ එම පුද්ගලයින් පිළිබඳව තොරතුරු විමසීමක්ද සිදු කරණු ලැබුවේය.
මේ අතර කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කිරීමට පොලිසිය සහ ත්‍රිවිද හමුදාව පිරයවර ගෙන ඇත.