Home දේශීය පුවත් ගුවන් තොටුපලේ ආරක්ෂාව තර කරයි

ගුවන් තොටුපලේ ආරක්ෂාව තර කරයි

0
ගුවන් තොටුපලේ ආරක්ෂාව තර කරයි

රට තුළ ඇති වු පිපිරීම් සමඟ දෛනික කටයුතුවලට බාධා ඇති වු කටුනායක ගුවන් තොටුපල මේ වන විට සාමාන්‍ය පරිදි වැඩ කටයුතු පැවැත්වෙන බව වාර්තා වෙයි.

ගුවන් තොටුපල වාර්තා කර සිටියේ මේ වන විට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආරක්ෂාව තර කර ඇති බවයි.

ඒ අනුව කිසිදු ගුවන් මගියෙකුගේ වාහනයක් ගුවන් තොටුපල පරිශ්‍රයට ඇතුළු කිරීමට ඉඩක් නොමැති අතර, ගුවන් මගීන් සෝදිසි කිරීමෙන් අනතුරුව ගුවන් තොටුපල වෙත ඇතුළු කර ගන්නා බව ද ගුවන් තොටුපල වාර්තා කරයි.

මේ අතර, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එහි යොදවා ඇති අතර ගුවන් මගීන් සඳහා වන නීතිරීතිද දැඩි කර ඇතැයි ගුවන්තොටුපල බලධාරීන් සඳහන් කළේය.

ඒ අනුව ගුවන් මගීන් සමඟ වෙනත් කිසිවෙකු කටුනායක ගුවන්තොටුපලට ඇතුළු කර නොගැනීමට තීරණය කර ඇති අතර ගුවන් මගීන් සමඟ පැමිණෙන පුද්ගලයින්ට ප්‍රවේශපත්‍ර අලෙවි නොකිරීමට තීරණය කර තිබේ.

කටුනායක ගුවන්තොටුපල බලධාරීන් ඉල්ලා සිටින්නේ විදෙස් ගතවීමට නියමිත පුද්ගලයින් අවම වශයෙන් පැය හතරකට හෝ පෙර ගුවන්තොටුපල වෙත පැමිණිය යුතු බවයි.

දිවයින පුරා ඇති වු පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවලකරුවන් 500ක් බව ද වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here