ඉස්ලාමීය අඳුරු ත්‍රස්තවාදයක සෙවනැලි පැහැදිලිව පෙනෙන බව පාඨලී කියයි

Share

පල්ලි හා හෝටල ඉලක්කර ගනිමින් එල්ල වූ ප්‍රහාර හරහා මූලධර්මවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදයක ඇඳුරු සෙවනැලි බව පැහැදිලිව පෙනෙන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි. අද කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

“ඇත්තටම මේ පිළිබඳව කිසියම් ආකාරයකට කරුණු සොයා බැලීමක් කළොත් 2018 දෙසැම්බර් මාසේ 26 වෙනිදා මෙයට සම්බන්ධ පළවෙනි සිදුවීම වාර්තා උනා මාවනැල්ල ප‍්‍රදේශයේ බුදු පිළිම කිහිපයක් හානි කර තිබුණා.

ඒ වගේම දේවස්ථානවලත් යම් යම් හානි කිරීම් සිදු කළයි කියලා වාර්තා වෙලා තිබුණා. ඒවා ප‍්‍රභලව වාර්තා උනේ නැහැ. නමුත් එතනදි දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ දෙදෙනාගෙන් පටන් ගත්තහම එම දෙදෙනා පසු පස සංවිධාන ජාලයක් තිබෙන බව පෙනී ගියා. ඊට පසු අවස්ථාවේදී කබීර් හෂීම් ඇමතිවරයාගේ සහයකයෙකුට වෙඩි තැබුවා.

ඊට පසුව ඒ අයගේ සිද්ධි දාමය හොයාගෙන ගියහම, පුත්තලම වනාතවිල්ලූව, අරුවක්කාලූ ප‍්‍රදේශයේ පුහුණු කඳවුරක් සහ විශාල පුපුරණ ද්‍රව්‍ය ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. මේ සිදුවීම් සියල්ල සමග ගැටගැහිච්ච පුද්ගලයෝ තමයි අද මේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය පසුපස ඉන්නේ වෙන අය නෙමෙයි කියන එක දැන් ආරක්‍ෂක අංශ පෙන්වා දී තිබෙනවා.

ඒ නිසා අපි එක් දෙයක් තේරුම් ගත යුතුයි මේ පසුගිය නත්තල් දිනයේ සිට පාස්කු ඉරිදා දක්වා සිදුවූ මේ කි‍්‍රයාදාමය පැහැදිලිව මේ රට ව්‍යසනයට ගෙන යන, මේ රට මධ්‍යකාලීන යුගයට ගෙන යන ම්ලේච්ඡ තිරස්තීන මූලධර්මවාදී, ආගමික උන්මත්තක වාදී ඉස්ලාමීය ත‍්‍රස්තවාදයක අඳුරු සෙවනැලි බව ඉතාම පැහැදිලියි.

ඒකට මේ රටේ බහුතර මුස්ලිම් ජනතාවගේ හෝ ඉස්ලාම් ආගම අදහන අයගේ සම්බන්ධයක් නැහැ. නමුත් ඒ අයගේ නාමයෙන් තමයි මේවා දියත් කරමින් තිබෙන්නේ.”

Read more

Local News