මාදම්පේ ප්‍රදේශයේ පොල් වත්තක රැදී සිටි 5ක් අත්අඩංගුවට

මාදම්පේ-මැදගම ප්‍රදේශයේ පොල් වත්තක රැදී සිටි බව කියන පුද්ගලයින් 05 දෙනෙකුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව මාදම්පේ පොලීසිය පවසයි.

අද(22) දහවල් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය – ඒත්තාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

ඔවුන් වයස අවුරුදු 30, 35 සහ 40 වියේ පසුවන පුද්ගලයින් බව පොලීසිය පවසයි.

තමන් අදාල පොල් වත්තේ කම්බි ගැසීම සදහා පැමිණි බව සැකකරුවන් පවසා ඇත.

නමුත් ඔවුන් පැමිණ සිට බවට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට හෝ වගකිව යුතු වෙනත් පාර්ශවයකට දැණුම් දී නොතිබුණු බව පොලීසිය කියයි.

මාදම්පේ පොලීසිය වැඩි දුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

Exit mobile version