තලවතැන්න-පූඩළුව මාර්ගයේ කොත්මලේ ආයුර්වේද රෝහල අසල දී සිදුවු අනතුරකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇත.
මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගය අයිනේ තිබූ ඇළකට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේය.
අනතුරෙන් මෝටර් රථයේ ගමන්ගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කොත්මලේ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.
මියගොස් ඇත්තේ අටබාගේ ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි කාන්තාවක් සහ 70 හැවිරිදි සහ 80 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
අනතුර සම්බන්ධයෙන් කොත්මලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.