ගෑස්පහ හංදියේ යතුරුපැදියක් ආරක්ෂක අංශ පුපුරුවා හරී

පිටකොටුව ගෑස්පහ හන්දියේ අයිතිකරුවෙකු නොමැති සැකකටයුතු යතුරුපැදියක් ආරක්ෂක අංශ විසින් ආරක්ෂා සහිතව පුපුරුවා හැර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පරීක්ෂා කර බලා මෙය ආරක්ෂාකාරී ලෙස පුපුරුවා හැරිය බවයි පොලීසිය පැවසුවේ.

යතුරු පැදියේ තිබී කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමු වී නොමැති බවට වාර්තා වෙයි.

Exit mobile version