ආර්ථික මූලධර්ම ශක්තිමත් කරන – ආර්ථික හා තිරසර සංවර්ධනය කඩිනම් කරන වැඩපිළිවෙලක්

Share

විසර්ජන පනත් කෙටුම්පත 2018  (පස්වැනි වෙන් කළ දිනය) අද (15) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ අයවැය පරපතරය පාලනය කරන, ආර්ථික මූලධර්ම ශක්තිමත් කරන, කඩිනම් ආර්ථික සංවර්ධනය හා තිරසර සංවර්ධනය කඩිනම් කරන වැඩපිළිවෙලක් අයවයෙන් ඉදිරිපත් කර ඇති බවයි.

ජනප්‍රිය පරමාර්තය පදනම් නොකර රටේ ඉදිරියට ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නඟන අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. අයවැය ක්‍රියාත්මක කිරීමේ දී වෙනම කණ්ඩායමක් පත් කරලා අධීක්ෂණය කරන වගකීමත් බාරගෙන තිබෙනවා.

මේ අයවැය ක්‍රියාත්මක කිරීමට අධීක්ෂණය කරලා, ජනතාවට පොරොන්දු වූ දේවල් ජනතාවට ලබාදෙනවා. ආර්ථික මූලධර්ම ශක්තිමත් කරන්න ප්‍රමුකතාවය ලබාදීලා තිබෙනවා. අයවැය පරතරය පාලනය කරන්න මූලිකත්වය ලබා දී තිබෙනවා. අයවැය උත්සහ කරන්නේ, ආර්ථික මූලධර්ම ශක්තිමත් කරලා කඩිනම් ආර්ථික සංවර්ධනය හා තිරසර සංවර්ධනය කඩිනම් කරන්නයි. ආදායම් බදු ගෙවන සංස්කෘතියක් ස්ථාපිත කරන්න නොහැකි වී තිබෙනවා. පිටරටවල බදු නොගෙවන අයට සමාජ පිළිගැනීමක් ලබෙන්නේ නෑ. ආදයම් බදු ගෙවන සංස්කෘතියකට යන්න අවශ්‍යයයි. එය සමාජ වගකීමක්.

රජය සමත්වී තිබෙනවා, ජාත්‍යන්තරයේ නොතිබූ සහයෝගයක් ලබාගැනීමට. සම්මුතිවාදී රජය ලබගත් සුවිශේෂී ජයග්‍රහනයක්. විදේශ සංචිත, සෘජු ආයෝජන ක්‍රමවේද හරහා ක්‍රමවේදයක් සැකසෙනවා. කඩිනම් අපනයන වර්ධනයකට යැමේ වැඩපිළිවෙලේ දී සහන පොළියට ණය දීමෙන් දේශීය ව්‍යාපාරිකයන් ශක්තිමත් කරන්න කටයුතු කර තිබෙනවා. අයවැය කියන්නේ මඩ ගැසීම නොවෙයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය

Read more

Local News