දහම් පාසල් පෙළ පොත් හා විශ්වවිද්‍යාල පුස්තකාල සඳහා 2018 දහම් පොත් බෙදාදෙයි

Share

දහම් පාසල් පෙළ පොත් හා විශ්වවිද්‍යාල පුස්තකාල සඳහා දහම් පොත් බෙදාදීමේ නිළ උත්සවය පසුගියදා බුද්ධශාසන අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණි.

මෙම උත්සවය බුද්ධශාසන, කිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් හා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති අති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම මහා නා හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් හා අමරපුර සද්ධම්ම වංශීක මාතර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය නාකුළුලමුවේ ප්‍රේමතිලක මහා නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

දිවයින පුරා ක්‍රියාත්මක වන දහම් පාසල් 10,018 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2, 169, 368ක් අධ්‍යාපනය ලබා ගන්නා අතර 2018 වර්ෂය සඳහා 2, 564, 594 ක් දහම් පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර නොමිලේ පෙළ පොත් බෙදා දුන් අතර මේ සඳහා රජය රු. 154, 336, 500 ක මුදලක් බුද්ධශාසන අමාත්‍යංශය විසින් දරන ලදි.

දිවයිනේ ඇති විශ්වවිද්‍යාල 13ක පුස්තකාලවලට බෞද්ධ පුස්තක ලබාදීම ද මේ උත්සවයේ දී සිදුකෙරුණි.

Read more

Local News