Home දේශීය පුවත් මත්පැන් සමඟ පුද්ගලයින් 07ක් අත්අඩංගුවට

මත්පැන් සමඟ පුද්ගලයින් 07ක් අත්අඩංගුවට

0
මත්පැන් සමඟ පුද්ගලයින් 07ක් අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ජින්නපුරම් වෙරළ ප්‍රදේශයේදී දේශීය මත්පැන් ලීටර් 80ක් සමඟ පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් අද ජින්නපුරම් වෙරළ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී වෙරළ තීරයේ සඟවා තිබූ නීති විරෝධී දේශිය ‍මත්පැන් ලීටර් 80ක් සෙයා ගැනීමට සමත්ව ඇති අතර, එහිදී, ප්ලාස්ටික් කෑන් 04 ක්, බැරල් 02 ක් සහ මත්පැන් සෑදීම සඳහා යොදා ගන්නා උපකරණ කිහිපයක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 19,32, 57, 64, 65 සහ 75 යන වයස්වල පසුවන අය වේ.

ලංකාපටුන, මදුරම්කුඩ සහ පුල්මුඩේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, දේශිය මත්පැන් තොගය සහ අනෙකුත් උපකරණ සම්බන්ධයෙන් ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා පුල්මුඩේ, පොලීසිය වෙත භාර දිමට කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here