ව්‍යාජ ලිපිලේඛන සැකසු අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලිපිලේඛන සකස් කළ පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් මාතලේ, වත්තේගම පාර, උකුවෙල ප්‍රදේශයේ නිවසක් වටලා මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එහිදී ව්‍යාජ ලෙස සකස් කළ ජාතික හැදුනුම්පත් 07ක්, විදේශ ගමන් බලපත්‍ර 16ක්, විශ්ව විද්‍යාල උපාධි සහතික පත් 12ක්, විශ්ව විද්‍යාල පාඨමාලා සහතික 11ක්, රබර් මුද්‍රා 29සොයාගෙන ඇත.

එමෙන්ම පාසල්,  ග්‍රාම නිලධාරී කාර්යාල, විභාග දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍යාංශවල ශීර්ෂ සහිත ලේඛන ඇතුළු විවිධ පුද්ගලයින්ගේ ඡායාරූප 153ක් සොයාගෙන ඇති බව සඳහන්.

මීට අමතරව සැකකරු සතුව තිබී පතරොම් 23ක් සහ අලි වෙඩිල්ලක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

අත්අඩංගුවටගත් සැකකරු 40 හැවිරිදි අයෙකු වන අතර ඔහු මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version