අමෙරිකාවට ඇතුළු වීමට නොහැකිව මෙක්සිකානු දේශසීමාවේ රැදී සිටින සංක්‍රමණිකයින් වෙත පාප්වහන්සේ විසින් අමෙරිකානු ඩොලර් ලක්ෂ පහක මුල්‍යාධාරයක් ලබාදී තිබේ.
අති උතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් පීටර්ස් පෙන්ස් අරමුදල යටතේ මෙම මුල්‍යාධාරය ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සංක්‍රමණිකයින් හට අවශ්‍ය ආහාර පාන, නවාතැන් ඇතුළු මුලික අවශ්‍යතා සපුරාලීමට මෙම ආධාර ලබාදී තිබේ.
අමෙරිකාවට ඇතුළු වීම සඳහා මෙක්සිකානු දේශසීමාව තුළ සංක්‍රමණිකයින් 75,000ක පමණ පිරිසක් රැදි සිටින බව වාර්තා වන්නේය.