බුද්ධි අංශ නිලධාරීන් වහා පොදු සමාවක් යටතේ නිදහස් කරන්න

අස්ගිරි මහා නා හිමියන් පසුගියදා සඳහන් කළ පරිදි , රඳවාගෙන සිටින බුද්ධි අංශ නිලධාරීන් වහා පොදු සමාවක් යටතේ නිදහස් කළ යුතු බවත් ඔවුන්ගේ උත්තරීතර සේවාව මේ මොහොතේ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් යෙදවිය යුතු බවත් පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසා සිටියි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද සර්වාගමික නායකයන්ගේ සහභාගිත්වයේන පැවති මාධ්‍ය හමුවකදීය.

සියළුම ජන කොටස් මෙම ගැටලුවේ දී අනුගමනය කළ ඉවසිලිවන්ත බව තමන් අගය කරන බවත් උන්වහන්සේ සඳහන් කර සිටියේය.

Exit mobile version