නීති විරෝධී විදේශිකයින් 13ක් අල්ලයි

ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් මෙරට රැඳි සිටි විදේශිකයින් දහතුන් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

නවගමුව, ගල්කිස්ස, වැලිකඩ සහ දෙහිවල යන ප්‍රදේශවලදී මෙම විදේශිකයින් අත්අඩංගුවට ගෙන ඇත.

ගල්කිස්ස ප්‍රදේශයේදී විදේශිකයන් 07 දෙනෙක්, වැලිකඩ ප්‍රදේශයේදි විදේශිකයන් 4 දෙනෙක් සහ නවගමුව සහ දෙහිවල යන ප්‍රදේශවලදී විදේශිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් අද(29) ගල්කිස්ස, නවගමුව සහ අළුත්කඩේ යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version